Wednesday, September 16, 2026

කණ්තා ගෘහ සේවකාවක් සඳහා වන රැකියා ගිවිසුම

 

කණ්තා ගෘහ සේවකාවක් සඳහා වන රැකියා ගිවිසුම

1.    හැඳින්වීම

මෙම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ ....……………………………………….. (මෙතැන් සිට “සේවකාවිය” ලෙස හඳුන්වනු ලැබේ) සහ ගුණසේකර මහත්මිය (මෙතැන් සිට “සේවක යොජකයා” ලෙස හඳුන්වනු ලැබේ) අතරය.

2.    කාන්තා සේවකාරියගේ පුද්ගලික තොරතුරු

සේවකයාවියගේ නම:

 

සේවකයාවියගේ වෙනත් නම්:

 

ලිපිනය:

 

වයස:

 

ලිංගිකත්වය:

ස්ත්‍රි

විවාහක තත්වය:

විවාහක/ අවිවාහක/ දික් කසාද

කුලය

 

3.    තනතුර සහ රාජකාරි

තනතුර: 

ගෘහ සේවිකාවිය

සේවා ස්ථානය:

සේවයෝජකයාගේ ගෙදර

රාජකාරි:

සේවායෝජකයා විසින් පවරනු ලබන සියලු කාර්යයන් (උදා: ගෙදර වැඩ, වත්තේ වැඩ, ඉහුම් පියුම්, රෙදි සේදීම ආදිය) ඉටු කිරීම සහ සේවායෝජකයාගේ පුද්ගලික  සාත්තු සේවා වලට උදව් කිරීම.

4.    රැකියාව පිළිබඳ තොරතුරු

රැකියාව ආරම්භ වන දිනය:

 

රැකියා වර්ගය

ස්ථිර රැකියාවකි.

තාවකාලික පරීක්ෂණ කාලය

පරීක්ෂණ කාලය මාස 1කි. මෙම කාලය තුළ  සේවා යෝජකයා විසින් වැඩ පරීක්ෂා කර ඉදිරි පියවර ගනු ලැබේ.

5.    වැඩ වේලාවන්

වැඩ ආරම්භ වේලාව: 

උදේ 8.30 

වැඩ අවසන් වේලාව:

හවස 5.00.

දිනකට පැය

 9

වැඩ අවසන් වූ පසු, සේවකයාට තමන්ගේ නිදහසේ පුද්ගලික වැඩ කිරීමට හැකිය.

6.    නිවාඩු

වාර්ෂික නිවාඩු:

නීතියට අනුව  දින 14ක්.

හදිසි / අනියම් නිවාඩු:

දින 07ක් දක්වා.

රජයේ නිවාඩු දින:

අදාළ නීතිවලට අනුව ගෙවනු ලැබේ.

 අසනීප නිවාඩු:

  දින 10 ක් දක්වා

 

7.    ඇඳුම් පැළඳුම් කේතය

       සේවකාවියකට යෝජිත නිල ඇදුම් කට්ටල නිකුත් කරනු ලබයි. 

8.    සේවකයාවියගේ වගකීම්

නියමිත වේලාවට සේවය පටන් ගැනීම, සේවායෝජකයාගේ උපදෙස් අනුව ආරක්ෂිතව සහ විනයගරුකව රාජකාරි ඉටු කිරීම, සේවායෝජකයාගේ දේපළ ආරක්ෂා කර තෘප්තියට වැඩ නිම කිරීම.

9.    සේවායෝජකයාගේ වගකීම්.

උපදෙස් දීම සහ වැරදක් වූ විට එය නිවැරදි කිරීම. නියමිත වේලාවට ගෙවීම් කිරීම. වැඩ කිරීමට උපකරණ ලබා දීම, සේවකයාට නිල ඇඳුම් ලබා දීම.

10.                       සේවකයාවියට සපයනු ලබන අනෙකුත් පහසුකම්.

ආහාර පාන, වෛද්‍ය ගාස්තු, ඇඳක් සහිත කාමර නවාතැන් සහ වැසිකිලි පහසුකම් ලබා දෙනු ලැබේ.

11.                       රැකියාව අවසන් කිරීම

පරීක්ෂණ කාලයෙන් පසු, රැකියාව අවසන් කිරීමේදී දෙපාර්ශවයෙන්ම මාසයක ලිඛිත දැනුම්දීමක් ලබා දිය යුතුය. විනයානුකූල හේතු මත (සොරකම්, අකීකරුකම්, විනය විරෝදී මත) දැනුම්දීමකින් තොරව අවසන් කළ හැක.

12.                       වැටුප

වැටුප:

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ගෘහ සේවා ගාස්තුවලට වඩා ඉහළ දවසට රු. 9,000 (පැයකට රු 1,000)

වැටුප් ගෙවීම:

සේවකවියට මුදල් අතට දෙනු ලැබේ.

වැටුප් ගෙවන ආකාරය:

දිනපතා

වැටුප් ගෙවන  වේලාව:

රෑ 9.00 කරන  මාලොචන්යෙන් පසු.

අධිකාල වේතනය:

නීතියට අනුව තිකාර  ගෙවීම්.

13.                       වෙනත් කොන්දේසි

මෙම ගිවිසුමේ සිදු කෙරෙන ඕනෑම කුඩා වෙනස්කමක් සඳහා අවශ්‍ය වන්නේ සේවායෝජකයාගේ අත්සන පමණි. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර, සේවකාවියට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර  ඇය එකඟ වී ඇත.

සේවායෝජකයා

සේවකයාවිය

මෙම කොන්ත්‍රාත්තුවේ නියමයන් සහ කොන්දේසි මම සේවකාවියට කියවා පැහැදිලි කර දුන්නෙමී.

සේවායෝජකයා නියමයන් සහ කොන්දේසි පැහැදිලි කර ඇති අතර මම කැමැත්තෙන් ගිවිසුමට අත්සන් කරමි. මගේ සේවායෝජකයාට උපරිම තෘප්තිය ගෙන දෙන ආකාරයට, සියලු රාජකාරි ඉටු කරන බවට මම සහතික වෙමි.

අත්සන: ........................................

අත්සන: ........................................

නම: ........................................

නම: ........................................

දිනය: ........................................

දිනය: ........................................

 


 


No comments:

Post a Comment